header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5කට 15%කින් පහළට
Aug 16, 202606:15 PM
ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මාස 5කට 15%කින් පහළට
Mobitel 1278

වෙරිටේ රිසර්ච් (Verité Research) විසින් වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සිදුකළ නවතම සමීක්ෂණයට අනුව ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව 'ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය' පසුගිය ජූලි මාසයේ දී 15%කින් අඩුවී තිබේ.

එම ආයතනය පෙබරවාරි මාසයේ සිදුකළ සමීක්ෂණයේදී මෙය 65%ක් දක්වා ඉහළ අගයක් ගෙන තිබූ අතර, එය මැතිවරණයට පසුව තිබූ ඉහළම අගය ලෙසද සැලකුණි.

කෙසේ නමුත් මාස 5ක් ඇතුළත එම අගය 50%ක් දක්වා අඩුවී ඇත.

මේ අතර මෙම සමීක්ෂණයට අනුව 'ආර්ථිකයේ ඉදිරි දැක්ම' පිළිබඳව ජනතා මතයද කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ.

රටේ ආර්ථිකය සමස්තයක් වශයෙන් හොඳ අතට හැරෙමින් පවතිනවාද ?, නරක අතර හැරෙමින් පවතිනවාද? මෙමඟින් සොයා බැලේ.

එයට අනුව පසුගිය පෙබරවාරි මාසයේ මෙය 64%ක් දක්වා ඉහළ අගයක තිබූ අතර, එය ජූලි මාසය වනවිට 42%ක් දක්වා 22%කින් පහත වැටී ඇත.

මේ අතර අද වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වයන් විශිෂ්ට, හොඳ හෝ නරක බව සොයාබලන 'ආර්ථික තත්ත්වය' කාණ්ඩයද ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව 19%කින් පහළ ගොස් තිබේ.

පෙබරවාරී මාසයේ දී 57%ක් දක්වා ඉහළ අගයක තිබූ මෙය මාස 5ක් ඇතුළත 38%ක් දක්වා පහත වැටී ඇත.

මේ අතර 'රට ගැන තෘප්තිය' එනම් සමස්තයක් වශයෙන් අද වනවිට මෙරට කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන ඔබ තෘප්තිමත්ද ?, නැතිද ? යන්න පිළිබඳ ජනතා මතය ජූලි මාසයේ 38%ක් දක්වා අඩුවී ඇත.

මෙය ඉකුත් පෙබරවාරි මාසයේදී 59%ක් ලෙස දැක්වුණි.

'රට හිතන හැටි' මත විමසුම, වේරිටේ රිසර්ච් ආයතනයේ ජනමත සමීක්ෂණයේ කොටසක් වන අතර, එමගින් සාර්ව දේශපාලන විග්‍රහයන්වලට අමතර කරුණු එකතු කරනු ලැබේ.

මෙම නවතම සමීක්ෂණය, දිවයින පුරා විසිරී සිටින වෙන් වෙන් වශයෙන් වූ පවුල් ඒකකවලට අයත් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 2,013 දෙනෙකුගෙන් සමන්විත, සසම්භාවි ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද බහු-පියවර නියැදියක් ඇසුරින් 2026 ජූලි 11 - 30 කාලය තුළ පවත්වා තිබුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana