header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
වසර 38ක් ශ්‍රී ලංකාවටත් අභියෝගයක් වූ 'ඔසී' බලකොටුව බිඳ දැමූ බංග්ලාදේශය
Aug 16, 202603:37 PM
වසර 38ක් ශ්‍රී ලංකාවටත් අභියෝගයක් වූ 'ඔසී' බලකොටුව බිඳ දැමූ බංග්ලාදේශය
Mobitel 1278

ICC ලෝක ටෙස්ට් ශූරතාවේ හිමිකරුවෙකු මෙන්ම වසර 149ක ඉතිහාසයකට උරුමකම් කියන, ක්‍රිකට් පිටියේ පතාක යෝධයෙකු වන ඔස්ට්‍රේලියානුවන්, ඔවුන්ගේම මව්බිමේදී පරාජය කර බංග්ලාදේශය අද (16) ලැබූ ඓතිහාසික ක්‍රිකට් ලොව ප්‍රධාන මාතෘකාව වී ඇත.

ලොව අංක එකේ ටෙස්ට් බලවතා ඔවුන්ගේ බලකොටුවේදීම දණගස්වා ලැබූ මෙම විස්මිත ජයග්‍රහණය, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ඔවුන්ද ආදරය කරන ක්‍රීඩාලෝලීන්ට නින්ද නොයන, සැනකෙළි රාත්‍රියක් වනු නොඅනුමානය.

අභියෝග මැදින් ආ අභිමානවත් ගමන

ඩාවින් හි Marrara ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය.

වසර 23කට පෙර (2003 දී) අවසන්වරට ඛලීඩ් මහමුද්ගේ නායකත්වයෙන් බංග්ලාදේශය ඔස්ට්‍රේලියාවේ දී තරග වදින විට ස්ටීව් වෝ, රිකී පොන්ටින්, ඇඩම් ගිල්ක්‍රිස්ට් වැනි ප්‍රබලයින් හමුවේ ඔවුන්ට ඉනිමක පරාජයක් ලැබීමට සිදුවිය.

එදා 16 හැවිරිදි පාසල් දරුවකුව සිටි මුෂ්ෆිකර් රහීම්, අද 39 හැවිරිදි වියේදී සිය වසර 21ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු භූමියේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරමින් මෙම ඓතිහාසික ජයග්‍රහණයේ කොටස්කරුවෙකු බවට පත්විය.

බංග්ලාදේශය මෙම ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරනු ලැබුවේ එම තරගාවලියට පෙර සිම්බාබ්වේ සමගින් පැවති එකම ටෙස්ට් තරගයෙන් නින්දා සහගත පරාජයක් ලබා තිබූ පසුබිමකය.

ආසියානු වාර්තාව

ඔස්ට්‍රේලියානු භූමියේදී වේගයෙන්ම ටෙස්ට් ජයක් වාර්තා කළ ආසියානු කණ්ඩායම බවට බංග්ලාදේශය පත්ව ඇත. ඒ සඳහා ඔවුන්ට ගතවූයේ තරග 3ක් පමණි.

ඉන්දියාවට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ජයක් වාර්තා කිරීමට තරග 12ක් ක්‍රීඩා කිරීමට සිදුවූ අතර, පාකිස්තානයටද ඒ සඳහා තරග 7ක් අවශ්‍ය විය.

1988 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරග ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකාව, මේ දක්වා එරට තුළ තරග 15කට ක්‍රීඩාකර ඇත. කෙසේ නමුත් ඉන් තරග 13ක්ම පරාජය වී, ජයපරාජයෙන් තොරව හෝ අවසන් කිරීමට සමත්ව ඇත්තේ තරග 2ක් පමණි.

ශ්‍රී ලංකාව අවසන්වරට ටෙස්ට් තරගයක් ඔස්ට්‍රේලියාවේදී ජයපරාජයෙන් තොරව හෝ අවසන්කර ඇත්තේ 2004 වසරේ දී වන අතර, එතැන් සිට මේ දක්වා (2019) ක්‍රීඩාකළ තරග 7ම පරාජය වී ඇත.

ඔස්ට්‍රේලියාවේදී කිසිදු තරගාවලියක් ජයපරාජයෙන් තොරව හෝ අවසන් කරගැනීමට ශ්‍රී ලංකාවට මේ දක්වා නොහැකි වී ඇති අතර, මෙතෙක් ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලි 7ම පරාජයට පත්ව තිබේ.

ඒ අනුව බංග්ලාදේශයට ඔවුන් ක්‍රීඩාකරන ඊළඟ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද, ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට ඔවුන්ට හැකිවේ.

වසර 31කින් පාකිස්තානයටත් කළ නොහැකි දස්කමක්

1995 වසරෙන් පසු පාකිස්තානයට මේ දක්වා ඔස්ට්‍රේලියානු භූමියේ දී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට නොහැකි වී සිටියි. ඒ අනුව වසර 31ක සිට ඉන්දියාවට පමණක් හිමිව තිබූ එම අභිමානය අද බංග්ලාදේශය අත්පත්කරගත්තේය.

'SENA' රටවල ලැබූ දෙවන ජය

ක්‍රිකට් ක්‍රීඩාවේදී 'SENA' යනු දකුණු අප්‍රිකාව, එංගලන්තය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවල එකතුවට යෙදුමකි.

ඒ අනුව 2022 වසරේ දී මවුන්ට් මවුන්ගනුයි හිදී නවසීලන්තයට එරෙහිව ලැබූ ජයෙන් පසු SENA රටකදී බංග්ලාදේශය ලැබූ දෙවන ටෙස්ට් ජය මෙයයි.

බංග්ලාදේශය සිය මව්බිමෙන් පිටතදී නවසීලන්තයට අමතරව බ.ඉ. කොදෙව්, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව පරාජය කර ඇති අතර, ඔවුන්ට තවමත් පරාජය කිරීමට ඉතිරිව ඇත්තේ එංගලන්තය හා දකුණු අප්‍රිකාව පමණි.

ඉයන් බිෂොප්ගෙන් ඉහළම ඇගයීමක්

බ.ඉ. කොදෙව් ක්‍රිකට් විශ්ලේෂක හා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඉයන් බිෂොප් සිය 'X' ගිණුමේ සටහනක් තබමින් බංග්ලාදේශය ලැබූ ඓතිහාසික ජය අගය කළේය.

මීට පෙර බොහෝ දෙනෙකුගෙන් බංග්ලාදේශයට හිමිවූයේ අඩු ඇගයීමක් වුවද, මෙම විශිෂ්ට දක්ෂතාව හමුවේ ඔවුන් වෙත පැසසුම් එක්කිරීමට කිසිවෙකුත් පසුබට නොවිය යුතු බව ඔහු පවසයි.

මෙහෙදි හසන් මිරාස්, තන්සිද් හසන් සහ විශිෂ්ට පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ හසන් මහමුද්ගේ දක්ෂතා ඇගයූ ඉයන් බිෂොප්, ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් ඇතුළු සමස්ත සංචිතයටම සිය සුබ පැතුම් එක් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

වියළී ගිය මොනරාගලට මාස 4කට පසු තද වැස්සක්

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

සීතල නුවරඑළියේ රත් වුණු පුංචි ආණ්ඩුව - "නුවරඑළිය ජනතාවගේ මළගම තමයි ආරම්භ වෙලා තියෙන්නේ"

 තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

තිදරු පියෙකුගේ ජීවිතය බිලි ගත් පෙර වෛරය - මහපාරේ සිදුකළ බිහිසුණු ඝාතනය

 නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

නීතිඥ සංගමය සහ ෆ්‍රී ලෝයර්ස් අතර හමුවක්

 fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

fm දෙරණ දඹදිව වන්දනා 10 වන අදියර...සැදැහැවතුන් ගයා නගරයට...

 සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

සුමනදාස අබේගුණවර්ධන අල්ලස් කොමිසමෙන් පිටව යයි

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

මිත්‍යාව හඹා ගිය කාන්තාවකට දිවි අහිමි වූ ඛේදනිය පුවතක්... මියගිහින් සිටියදීත් දින 3ක් යාච්ඥා කරලා...

 ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

ක්‍රිකට් තරු බිහිකළ කොළඹ මහානාමයට තමත් ක්‍රිකට් පිටියක් නෑ...

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

එල්නිනෝ තවත් දිස්ත්‍රික්කයකට රිද්දයි - වගාවන් නැත්තටම නැතිකරයි

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

මහ පාන්දර වේගය උදුරාගත් තරුණ ජීවිතය - වැදුන පාරට හොයා ගන්නත් නෑ...

 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

"මත්ද්‍රව්‍ය පරීක්ෂාව නවතා අයිස් ඇල්ලූ නිලධාරින් ගැන හෙවීම කැත වැඩක්"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

වසරකට ළමා පිළිකා රෝගීන් 900ත් - 1,000ත් අතර ප්‍රමාණයක් -"බහුලව වාර්තා වන්නේ ලේ පිළිකාව"

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

කෝටි 4ක රන් පැලඳ කොණ්ඩ රංජි සුපිරි දිවියක් ගෙවලා

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

දළදා මාලිගාවේ පිත්තල කරඬුව වෙනුවට රන් කරඬුවක්

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වත්කම් වාර්තා නොදුන් පිරිසට දඩ

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

වසර හතට ගල්අඟුරු පාඩුව කෝටි 414ක්

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු කියනවා"

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

"ඕනෑවට වඩා බලපෑම් එපා" - මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස්මුරයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශේෂ නිල ඇගයීම් සහතිකයක්

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana