ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්
August 16, 2026 11:21 am
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
එම නිවේදනය අද (16) පෙ.ව. 10.30ට නිකුත් කර ඇති අතර හෙට (17) පෙ.ව. 10.30 දක්වා වලංගු වේ.
කංකසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා හලාවත දක්වා මෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 සිට 60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව එහි සඳහන්.
එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 45 සිට 50 දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකියි.
ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.
