
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 57ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 198කි.
ඊට පිළිතුරු ලෙස බංගලාදේශ පිළ ලකුණු 426ක් ලබාගැනීමට සමත්විය.
අනතුරුව බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 228ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 284ක් පමණය.
ඒ අනුව තරගයෙන් ජයගැනීමට ලකුණු 57ක ඉලක්කයක් බංග්ලාදේශ කණ්ඩායම හිමිවිය.





















































