ඉන්දුනීසියාවේ තවත් භූමිකම්පාවක්

August 15, 2026   10:24 pm

ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයට අයත් මිනහාසා ප්‍රදේශයේ රික්ටර් මාපක 6.1ක ප්‍රබලතාවයෙන් යුතු භූමිකම්පාවක් සිදුව තිබේ.

යුරෝපීය-මධ්‍යධරණී භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය (EMSC) වාර්තා කරන පරිදි මෙම භූමිකම්පාව, ඉන්දුනීසියානු වේලාවෙන් අගෝස්තු 16 අලුයම 12.25ට පමණ සිදුව ඇත.

මෙය කිලෝමීටර 51ක් පොළොව අභ්‍යන්තරයෙන් සිදුව ඇති අතර, මින් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා කර නොමැත.

ඉන්දුනීසියානු වේලාවෙන් පැය කිහිපයක් ඇතුළත එරටින් වාර්තා වූ තෙවැනි භූමිකම්පාව මෙයයි.

එරට මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක අගයකින් එම භූමිකම්පාව හටගත් අතර, ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වනවිට 40 දක්වා මේ වනවිට ඉහළ ගොස් ඇත.

ඉන් අනතුරුව බටහිර සුමාත්‍රා දූපතේ අද (15) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇතිවිය.

මේ අතර පැපුවා නිව්ගිනියාවේ අන්ගෝරාම් ප්‍රදේශයේද එරෙට වේලාවෙන් අද රාත්‍රී 9.10ට පමණ රික්ටර් මාපකයේ 5.4ක භූමිකම්පාවක් ඇතිව තිබේ. 

එය කිලෝමීටර 120ක් පොළම අභ්‍යන්තරයේ සිදුව ඇත.