අඟුලාන මුහුදේ නාවික හමුදා යාත්‍රාවක් අනතුරට
August 15, 2026 01:11 pm
------------UPDATE 2.00PM----------
අනතුරට පත් නාවික යාත්‍රාවේ සිටි එක් අයෙකු අතුරුදන්ව තිබේ.
------------UPDATE 1.20PM----------
අනතුරට පත් යාත්‍රාවේ සිටි 11දෙනෙකු මුදාගෙන රෝහල් ගත කර තිබේ.
-------
අඟුලානට ආසන්න මුහුදේදී නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක්ව තිබේ.
නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශකවරයා සඳහන් කළේ ලද තොරතුරක් අනුව එම යාත්‍රාවේ සිටින පිරිස් මුදා ගැනීමට මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය.
නාවික හමුදාව සිදු කරන ලද දැනුම්දීමක් මත අදාළ යාත්‍රාවේ සිටින පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ද ලබා දී ඇත.
ඒ අනුව අනතුරට ලක් වූ යාත්‍රාව නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයක් සහ බෙල් 412 යානයක් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටී.
