සයිබර් අපරාධවලට විදේශිකයෝ 1,093ක් මෙම වසරේ අත්අඩංගුවට

සයිබර් අපරාධවලට විදේශිකයෝ 1,093ක් මෙම වසරේ අත්අඩංගුවට

August 13, 2026   05:04 pm

සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ විදෙස් ජාතිකයන් 1,093 දෙනෙකු මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

'රටම එකට' ජාතික මෙහෙයුම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව පැවසීය.

ඔහු පවසා සිටියේ 2024 වසරේ දී සිදුවීම් 26කින් විදෙස් ජාතිකයන් 573ක්, 2025 වසරේ සිදුවිම් 2කින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

කෙමෙම වසරේ ගතවූ කාලසීමාව තුළ සිදුකළ වැටලීම් 24කින් 1,093දෙනෙකු අත්ඩංගුවට ගැනීමට හැකිවූ බව හෙතෙම පැවසීය.

කෙසේ නමුත් එම සියලු විදෙස් ජාතිකයන් පිටුවහල් කිරීමට අවශ්‍ය පියවරගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.