ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ බවට දකුණු කොරියාවේ Incheon ගුවන්තොටුපොළ පත්වෙයි
August 13, 2026 02:27 pm
ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ බවට දකුණු කොරියාවේ ප්රධානතම ගුවන්තොටුපොළ වන Incheon ගුවන්තොටුපොළ පත්ව තිබේ.
ඉන්චියොන් ගුවන්තොටුපොළ එම ස්ථානයට පත් වූ පළමු අවස්ථාව මෙය වන අතර නවතම සංඛ්යාලේඛණවලට අනුව මෙතෙක් එම ස්ථානයේ පසු වූ ලන්ඩන්හි හීත්රෝ ගුවන්තොටුපොළ දෙවන ස්ථානයට පත්ව ඇති බව සඳහන් වෙයි.
ඉන්චියොන් ගුවන්තොටුපොළ මේ වසරේ ගත වූ මාස 6 තුළ මගීන් මිලියන 38යි දශම 4කට පහසුකම් සපයා ඇති බව සඳහන් වෙයි.
යුද ගැටුම් හමුවේ මැදපෙරදිග ගුවන්තොටුපොළ රැසක කටයුතු අඩාල වීම එම ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතු මෙලෙස ඉහළයාමට හේතුවී ඇත.
මේ වසරේ ගත වූ මාස 6 තුළ හීත්රෝ ගුවන්තොටුපොළ මගීන් මිලියන 37යි දශම 7යි 9කට පහසුකම් සැපයා ඇති අතර සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොළ ගතවූ මාස 6 තුළ මගීන් මිලියන 34යි දශම 5යි 3කට පහසුකම් සපයමින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ අතර තෙවන ස්ථානයට පත්ව තිබේ.
