නිවාස ඉදිකිරීම් සිදුකරන බව පවසා මුදල් වංචා කළ අයෙකු මාට්ටු

නිවාස ඉදිකිරීම් සිදුකරන බව පවසා මුදල් වංචා කළ අයෙකු මාට්ටු

August 13, 2026   01:59 pm

නිවාස ඉදිකිරීම් සිදුකරන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු මිරිහාන විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  

අදාළ පුද්ගලයා විසින් වංචා කළ මුදල රුපියල් කෝටි දෙකහමාර ඉක්මවන බව පොලීසිය සඳහන් කළේය. 

සැකකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිවාස ඉදිකිරීම් සිදු කරන බව පවසා මෙම වංචා සිදුකර ඇත.

ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි 15ක් ලැබී තිබූ බව මිරිහාන විශේෂ විමර්ශන අංශය සදහන් කළේය.