ආරක්ෂක සලකුණු යෙදුවත් සුරාබදු ආදායම අඩුයි - CoPF
August 12, 2026 08:07 pm
මත්පැන්වලින් රජයට ලැබෙන බදු ආදායම විධිමත් කිරීම සඳහා ඩිජිටල් ආරක්ෂක සලකුණු යෙදීම ආරම්භ කළද, තවමත් ප්රමාණාත්මක ලෙස ආදායම් බදු ඉහළ ගොස් නැතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළිව තිබේ.
ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පසුගියදා රජයේ මුදල් කාරක සභාවට කැඳවූ අවස්ථාවේදීය.
එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු පොදු මුදල් කාරක සභාවේ (CoPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
"අපි හිතමු සීයට දහයයි කියලා, එතකොට එන ස්ටිකර් එකෙන් වෙනස රුපියල් එකයි සත අසූවයි. හැබැයි හොර කොලිටි එකට ගැහුවොත් බෝතලයකින් වෙනස රුපියල් දෙදාස් දෙසීයයි. ස්ටිකර් එක හරියට වඳින් නැත්නම් ඒකේ කොලිටි එකක් නැත්නම්, කොලිටි නැති, ස්ටිකර් ගැසීම නිසා, එක බෝතලයකින් දෙදහස් දෙසීයක විතර කොස්ට් එකක්. මේ ඔඩිට් රිපෝට් තියෙන්නේ.... ඔඩිට් රිපෝට් තියෙනවා. "
එහිදී අදහස් දැක්වූ නිලධාරීන්,
"මේ ටැක්ස් එක ඉතාමත් සීඝ්ර ලෙස වැඩිවෙලා තියෙනවා සර්. 2025 ඉතිහාසයේ ප්රථම වතාවට සුරාබදු දීපු වැඩිම ඉලක්කය සැපුරුවා. 2026 වෙනකොට දැන් ඒකත් අභිබවා ගිහිල්ලා සීයට එකසිය දාසයක වගේ ප්රගතියක් තියෙන්නේ වැඩිම එක ඉතිහාසයේ මේ වෙනකොට අරන් තියෙන්නේ. පොඩි පොඩි ප්රශ්න තියෙනවා. ඒවා ඉතින් පහුගිය කාලයත් එක්ක ආපු දුෂ්කරත. මේ ස්ටිකර් එකේ කොලිටි එක සම්බන්ධ ගැටලුවක් එකක් දැනට තියෙනවාද? නැද්ද? මේකනේ ප්රශ්නේ.."
