වෙඩිවැදුණු බැකෝ සමන්ගේ මව මරුට
August 12, 2026 07:15 pm
මිද්දෙනිය, උල්හිටියාව ප්රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ 'බැකෝ සමන්' නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්විය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්රහාරය එල්ලකර පලාගොස් ඇති අතර, එම අවස්ථාවේ මියගිය කාන්තාව පමණක් නිවසේ ඉදිරිපස සිට ඇති බව සඳහන්ය.
වෙඩි ප්රහාරයෙන් පසු තුවාල ලැබූ කාන්තාව මිද්දෙනිය ප්රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.
'කෙහෙල්බද්දර පද්මේ' ඇතුළු අපරාධ කල්ලිය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්රසන්න හෙවත් 'බැකෝ සමන්' ද එම පිරිස අතර සිටි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
