බැකෝ සමන්ගේ මවට මිද්දෙනියේ දී වෙඩි

බැකෝ සමන්ගේ මවට මිද්දෙනියේ දී වෙඩි

August 12, 2026   06:36 pm

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'බැකෝ සමන්' නමැත්තාගේ මවට අද (12) පස්වරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මිද්දෙනිය උල්හිටියාව ප්‍රදේශයේ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, ඇය මේ වනවිට තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ දී නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් 'බැකෝ සමන්'ද එම පිරිස අතර සිටියහ.