ධවල මන්දිරය නවීකරණයට ට්‍රම්ප් අවම වශයෙන් ඩො. මි. 900ක් වැය කිරීමට සූදානමින්

ධවල මන්දිරය නවීකරණයට ට්‍රම්ප් අවම වශයෙන් ඩො. මි. 900ක් වැය කිරීමට සූදානමින්

August 12, 2026   06:29 pm

ට්‍රම්ප් පාලනාධිකාරිය අමෙරිකානු ධවල මන්දිරයේ ඉදිකිරීම් සහ නවීකරණ කටයුතු සඳහා අවම වශයෙන් ඩොලර් මිලියන 900ක් වැය කිරීමට සූදානම් වන බව වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත් සේවය වාර්තා කරයි.

මේ සඳහා සෘජුවම අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් මුදල් ලබාගන්නවා වෙනුවට, වෙනත් රාජ්‍ය ආයතනවලින් සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කර ඇත.