header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
මේ රජය රට විනාශ කර ඒකාධිපති පාලනයකට උත්සාහ කරනවා - සජිත්
Aug 12, 202606:01 PM
මේ රජය රට විනාශ කර ඒකාධිපති පාලනයකට උත්සාහ කරනවා - සජිත්
Mobitel 1278

වර්තමාන රජය පවසන ආකාරයට පොහොසත් රට සහ ලස්සන ජිවිතය නිර්මාණය වන්නේ ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට, කර්මාන්තකරුවන්ට ශක්තිය දී අධ්‍යාපනය හා සෞඛ්‍ය ශක්තිමත් කිරීමෙන් නොව අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලැබෙනවාද කියා ප්‍රශ්න කර බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අතර, එදා එක්තරා දේශපාලන නායකයෙක් වේදිකාවක නැග දැන් සැපද, හොඳ ද සුබවාදීද ලෙස ප්‍රශ්න කළ බවත් අද ජනතාව අපේක්ෂා කළ පොහොසත් රට සහ ලස්සන ජිවිතය අද බිහි වී ඇත් ද කියා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් ඔහු පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.

මේ රජය රටේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න අමතක කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කර ඒකාධිපති පාලනයක් ස්ථාපිත කර රටේත් ලක්ෂ 220කගේත් පාලනය සියතට ගැනීමට උත්සාහ කරන බවද පැවසීය.

ඒ සඳහා විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට යන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් සේම ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටී නීතියේ ආධිපත්‍ය විනාශ වී යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වන බවත් එවිට රටේ ඒකාධිපති පාලනයක් එක පක්ෂයක් රටම පාලනය කරන යුගයක් බිහි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය ජනතාව කරපිට ගහන බදු අඩු කරන බවට, 33%කින් විදුලි බිල අඩු කිරීම වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බව පැවසුවත් අද වන විට ඒ කිසිවක් නොමැති බවත් ගොවියාගේ උපකරණවලට සේම ධීවර උපකරණවලට පාසල් උපකරණවලට පවා වැට් බදු පනවන බවත් බදු පිට බදු ගසා අහිංසක රටේ ජනතාව අසීමිත ආර්ථික පීඩනයකට ලක් කරන බවත් රටේ ප්‍රතිපත්තිය නිසා ආර්ථිකය කුඩා වී මිනිසුන් සතුව මුදල් නොමැති බවත් ජිවත් වෙන්න නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එලෙසම රැකියා ප්‍රශ්නයට විසදුම් නොමැති බවත් කර්මාන්තශාලා බිහි කිරීම වෙනුවට කර්මාන්තශාලා රට අතහැර යන තත්ත්වයක් මතුව තිබෙන බවත් ඔහු පවසයි.

මෙමගින් තරුණයන්ගේ ගැටලුවලට රජයට විසදුම් නොමැති බවත් දුප්පත්කම 30-40%ක් වී ඇති නමුත් මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු නොමැති වුවාට රට තුළ ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරන බවත් රටේ සෑම ප්‍රශ්නයකට විසදුම විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වසරේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ ජීවත් වීමට රු. 17000ක් ප්‍රමාණවත් බවත් දින 30ක් ජිවත් වීමට මෙම මුදල ප්‍රමාණවත් ද කියා අප ප්‍රශ්න කළ යුතු බවත් රජය ජීවත් වන්නේ සුරංගනා ලෝකයක බවත් ජනතාව මේ තොරතුරුවලින් සවිබල ගැන්විය යුතු බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල