header logo
Vallibel FD
Selan Bank
ක්‍රීඩා
බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හෙට ඓතිහාසික දවසක්
Aug 12, 202605:30 PM
බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හෙට ඓතිහාසික දවසක්
Mobitel 1278

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග දෙකකින් යුත් තරගාවලියේ පළමු තරගය හෙට (13) ආරම්භ වේ.

මෙම තරගය උතුරු ඔස්ට්‍රේලියාවේ අගනගරය මෙන්ම විශාලම නගරය වන ඩාවින්හි Marrara ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙය වසර 23කට පසු බංග්ලාදේශ කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරගකට ක්‍රීඩාකරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එකතුවනු ඇත.

අවසන් වරට 2003 වසරේදී බංග්ලාදේශය ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගාවලියකට (පළමු හා එකම ටෙස්ට් තරගාවලිය) ක්‍රීඩා කළ අතර, තරග දෙකකින් යුත් එම තරගාවලියේ පළමු තරගය පවත්වා ඇත්තේද හෙට තරගය පැවැත්වෙන ඩාවින්හි මෙම ක්‍රීඩාංගණයේදීමය.

ඛලීඩ් මහමුද්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ කණ්ඩායම එම තරගය ඇතුළුව සමසත තරගාවලිය ඉනිමකින් සහිතව පරාජයට පත්විය.

මොහොමඩ් අෂ්රාෆුල්, හබිබුල් බෂාර්, මෂ්රාෆි මොර්ටාසා ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එම සංචිතයට ඇතුළත්ව සිටියහ.

එවකට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ස්ටීව් වෝ නායකත්වය ලබා දුන් අතර රිකී පොන්ටින්, මැතිව් හේඩ්න්, ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ බ්‍රෙට් ලී වැනි ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයෝ රැසක් ඊට ක්‍රීඩාකර ඇත.

වත්මන් බංග්ලාදේශ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන 39 හැවිරිදි මුෂ්ෆිකර් රහීම් 2003 සංචිතයේ නොසිටි අතර, එවකට ඔහු වයස අවුරුදු 16ක පාසල් ක්‍රීඩකයෙකි.

වයස අවුරුදු 18ක යෞවනයෙකු වූ රහීම්, 2005 වසරේ දී ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.

වසර 21කට අධික රහීම්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් ගමන් මග තුළ ඔහු ලොව දෙවැනි පැරණිම ක්‍රිකට් භූමිය වන ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව හෙට වනු ඇත.

තමන්ට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට පෙර ඔස්ට්‍රේලියාව තුළ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට විශාල කැමැත්තක් තිබෙන බව රහීම් පසුගියදා මාධ්‍ය හමුවකදී ද ප්‍රකාශ කර තිබුණි.

බංග්ලාදේශය ඔස්ට්‍රේලියාවේ ටෙස්ට් තරග සංචාර සිදු නොකළද, 2006 සහ 2020 කාලය තුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවස්ථා තුනකදී බංග්ලාදේශයේ සංචාරය කර ඇත.

එහිදී පැවැති තරගවලින් තරග 3ක් පරාජය වුවද, 2017 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්ව තිබේ.

Marrara ක්‍රීඩාංගණයට ශ්‍රී ලංකාවේ සම්බන්ධයක්...

Marrara ක්‍රීඩාංගණයේ එතෙක් මෙතෙක් පවත්වා ඇත්තේ ටෙස්ට් තරග දෙකක් පමණි.
බංග්ලාදේශය ක්‍රීඩා කළ තරගයට අමතරව එම ක්‍රීඩාංගණයේ පැවැති අනෙක් එකම ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී ඇත.

2004 වසරේදී පැවැති එම තරගයෙන් මාවන් අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 149ක පරාජයක් ලබා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල