හෝමූස් සම්පූර්ණ පාලනය අමෙරිකානු හමුදාව යටතේ බව ට්‍රම්ප් කියයි
August 12, 2026 03:59 pm
හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු හමුදාවන්ගේ “සම්පූර්ණ පාලනය” යටතේ පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
මේ අතර, අනතුරු ඇඟවීම් නොසලකා හරිමින් ඉරාන වරායක් වෙත ගමන් කිරීමට උත්සාහ කළ පැනමා කොඩිය යටතේ ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වෙත මිසයිල දෙකක් එල්ල කරමින් අමෙරිකානු හමුදා විසින් එහි සුක්කානම් යාන්ත්‍රණය අක්‍රීය කර තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට නම්, අමෙරිකානු යුද්ධය සහ අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතු බවත්, අමෙරිකාව විසින් අත්හිටුවන ලද ඉරාන වත්කම් මුදා හැරිය යුතු බවත්, කලාපීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවත් ඉරානය දැඩි ලෙස ඉල්ලා සිටී.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් මොහොසෙන් රෙසායි ප්‍රකාශ කළේ මෙම සියලු කොන්දේසි ඉටු වන තෙක් සමුද්‍ර සන්ධිය වසා තබන බවය.
