තලෙයිබාන් පාලනයෙන් ඇෆ්ගන් දැරියන් මිලියන 2.4කගේ අධ්‍යාපනය අඳුරේ
August 12, 2026 12:37 pm
2021 වසරේ සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානයේ ද්ත්වීක අධ්‍යාපනය හදාරන දැරියන් මිලියන 2.4කට ආසන්න සංඛ්‍යාවකට තලෙයිබාන් සංවිධානය විසින් අධ්‍යාපන අයිතිය අහිමි කර ඇති බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (UNESCO) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
ලොව පුරා යම් යම් රාජ්‍යයන් අන්තර්ජාතික සබඳතා තාලිබාන් පාලනය සමග පුළුල් කරගැනීමට උත්සාහ කරමින් සිටියද, ගෝලීය වශයෙන් කාන්තාවන්ට සහ දැරියන්ට ද්විතීයික හා උසස් අධ්‍යාපනය ලබාගැනීම නිල වශයෙන් තහනම් කර ඇති ලොව එකම රට ඇෆ්ගනිස්ථානය බව යූනෙස්කෝ සංවිධානය පෙන්වා දෙයි.
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානය නැවත බලයට පැමිණ වසර පහක් සපිරීමට ආසන්නව පවතී.
