ගංජා හේන් පහක් වටලයි - අයෙකු මාට්ටු

ගංජා හේන් පහක් වටලයි - අයෙකු මාට්ටු

August 12, 2026   11:17 am

තණමල්විල නිකවැව ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී ගංජා හේන් පහක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ගංජා ගස් 43,521ක් විනාශ කිරීමට තණමල්විල පොලිීසිය කටයුතු කර තිබේ.

තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (11) සිදුකළ වැටලීම්වලදී මෙම ගංජා හේන් සොයාගෙන ඇත.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුය.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.