විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු

විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු

August 12, 2026   08:34 am

විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් හා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු තෙල්දෙණිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (11) සවස දිගන ප්‍රදේශයේදී තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,155ක් හා එම ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 63,000/ක් සමඟ අදාළ සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 25ක් වන දිගන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත සැකකරුගේ නිවසේ සූක්ෂමව සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,250ක්, කඩු 02ක් හා උල් පිහියක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

තෙල්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.