පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ අයෙකු අත්අඩංගුවට

පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ අයෙකු අත්අඩංගුවට

August 11, 2026   10:42 pm

පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා මිශ්‍ර විෂ මත්ද්‍රව්‍ය අලෙවි කළ සැකකරුවෙකු ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්නෑව පොලීසියට ලද තොරතුරක් මත එම පොලීසියේ නිලධාරී කණ්ඩායමක් සහ උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකළ වැටලීමකදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී ගංජා මිශ්‍ර කුඩා පැකට් 94ක් ග්‍රෑම් 150 බැගින් අඩංගු බෝතල් 15ක් හා ග්‍රෑම් 250 බැගින් අඩංගු බෝතල් 21ක් වශයෙන් ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 296ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු අවුරුදු 23ක් වූ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව ගල්නෑව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.