දූෂණ චෝදනාවකට රාජිතට අධි චෝදනා
August 11, 2026 02:26 pm
UPDATE:
2012 වසරේ ජූනි මස 12 වනදා සහ 2012 අගෝස්තු 06 වනදා අතර කාල සීමාව තුළ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර වෙෙළඳපොලට විකිණීමේ කාර්යය සඳහා කොරියානු සමාගමක් තෝරාගෙන එම කටයුතු සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් "වැලිගොව්වා" නමැති නෞකාව බදු පදනම යටතේ පවරාදීම සඳහා එම සංස්ථාවේ සභාපතිවරයාට බලපෑම් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා පත්‍රය ගොනුකර තිබේ.
මේ තුළින් විත්තිකරුට එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව 05කි.
අල්ලස් පනතේ 70වන වගන්තිය යටතේ දූෂණය නැමති පුද්ගලයා යටතේ විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබේ.
මෙහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 13 දෙනෙකු නම් කර තිබේ.
මේ අතර, මෙහි නඩු භාණ්ඩ ලෙස ලේඛන 25ක් නම් කර තිබේ.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.
ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමේදී රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් විත්තිකාර රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
