ඉන්දීය නාමකරණ ක්‍රියාවලියට චීනයේ විරෝධය

ඉන්දීය නාමකරණ ක්‍රියාවලියට චීනයේ විරෝධය

August 11, 2026   12:40 pm


මතභේදයට තුඩු දී තිබෙන දේශ සීමා ප්‍රදේශයක පිහිටි අරුණාචල් ප්‍රදේශ් හි ස්ථාන 27ක් සඳහා ඉන්දියාව නිකුත් කර ඇති ඊනියා “සම්මත නාමකරණය” නීතිවිරෝධී හා වලංගු නොවන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

චීනයට අයත් දකුණු ටිබෙට් ප්‍රදේශය ඉන්දියාව විසින් අරුණාචල් ප්‍රදේශ් යන නමින් හඳුන්වා ඇති අතර ඉකුත් 07 වැනිදා ඉන්දියාව එම ප්‍රදේශයේ ස්ථාන 27ක් සඳහා නීතිවිරෝධී නාමකරණයක් ද නිකුත් කර ඇති බව චීන බලධාරීන් පෙන්වාදෙයි.

සිතියමෙහි අදාළ ස්ථාන එලෙස නිල වශයෙන් නම් කිරීම මඟින් මහජනයාට අරුණාචල් ප්‍රදේශ් පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දිය හැකි බව ඉන්දියාවේ අදහස වී ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊ (10) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියාසිටියේ ඉන්දියාව නීතිවිරෝධි ලෙස ස්ථාපිත කළ ඊනියා අරුණාචල් ප්‍රදේශ්, චීනය කිසිසේත් පිළිනොගන්නා බවය.

එමෙන්ම එම ප්‍රදේශයේ නම් කළ එම ස්ථාන 27 නීතිවිරෝධි හා වලංගු නොවන බවත් චීනය අවධාරණය කර ඇත.

එමෙන්ම ඉන්දියාව කුමන පියවර ගත්ත ද දකුණු ටිබෙට් ප්‍රදේශය චීනයට අයත් බවට වන සත්‍යය කිසිදා වෙනස් නොවන බව ද  චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.