වාහන 3ක් එකට ගැටී දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්
August 11, 2026 11:42 am
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට දිවෙන මංතීරුවේ වාහන 3ක් එකට ගැටී අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.
කොක්මාදූව හා ඉමදූව අතර කොටසේ 115 වැනි කණුව ප්රදේශයේ මෙම අනතුර සිදුව ඇත.
අනතුරෙන් එක් වාහනයක් පෙරළීමට ලක්ව ඇති අතර, දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
