මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පතයි

August 10, 2026   03:30 pm

2019 වසරේදී රාගම පොලිස් වසමේ වල්පොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ චූදිතයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.

මීගමුව මහාධිකරණය විසින් අදාළ චූදිතයාට මරණීය දණ්ඩනය නියම කර ඇති අතර, ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩුව විභාගයට ගෙන මෙම දඬුවම නියම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලීසියට අවශ්‍යව සිටින චූදිතයා රණේපුර දේවගේ රනුක එරන්ද විජේතුංග නමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ ලිපිනය ලෙස අංක 35/1, උග්ගහේන, වල්පොළ, රාගම යන ලිපිනය සඳහන් වේ.

අදාළ චූදිතයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් රාගම පොලිස් ස්ථානාධිපතිවරයාට 071 859 1604 දුරකථන අංකයෙන් හෝ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට 071 962 7561 දුරකථන අංකයෙන් දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.