සාගර කාරියවසම් අත්අඩංගුවට

සාගර කාරියවසම් අත්අඩංගුවට

August 10, 2026   11:02 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදීය.

එහිදී පොලිස්පතිවරයාට මරණ තර්ජන සිදු කිරීම, ජනාධිපති මහජනයා අතර අනාදරයට පත්වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා මත ඒ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.