තිරප්පනේ පවුල් 1,300කට ඇරඹි පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට
August 9, 2026 04:10 pm
තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පානීය ජලය සපයාගැනීමේ දැඩි දුෂ්කරතාවයකින් පෙළෙන පවුල් 1,300ක් සඳහා නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ මූලිකත්වයෙන් අද (09) ජනතා අයිතියට පත් කෙරිණි.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීම ශ්‍රී ලංකා යුද හමුදාධිපතිවරයා, හමුදාපති ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව පළමු වරට සහභාගී වූ සමාජ සත්කාරයක් වැඩසටහන මෙයයි.
නව යුද හමුදාපතිතුමාගේ පුද්ගලික හැඳුනුම්කමක් මත අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචි අයෙකුගේ රුපියල් ලක්ෂ විසිහය හමාරක මූල්‍යමය දායකත්වය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
එවකට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරනු ලැබූ සමයේ දී වත්මන් ශ්‍රී ලංකා යුද හමුදාධිපතිරයාගේ සම්බන්ධිකරණයෙන් තිරප්පනේ ප්‍රදේශවාසී ජනතාවට මෙම පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මීට මාස 3කට පමණ පෙර යුද හමුදාවේ රණවිරුවන්ගේ දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේය.
