වසර 121කට පසුව ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්

වසර 121කට පසුව ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්

August 9, 2026   07:59 am

වසර 121කට පසුව ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වන බව නාසා ආයතනය පවසයි. 

එම ආයතනයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ,  1905න් පසු දර්ශනය වන මෙම සූර්යග්‍රහණය එළැඹෙන අගෝස්තු 12 වැනිදා ස්පාඤ්ඤය, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, රුසියාව සහ පෘතුගාලයේ කොටසකට දැකගත හැකිවන බවය.

පූර්ණ සූර්යග්‍රහණයකදී, සූර්යයා සහ පෘථිවිය අතරට පැමිණෙන සඳ මඟින් සූර්යා සම්පූර්ණයෙන්ම වැසීයන අතර දහවල් අහස සවස මෙන් අඳුරුවී සතුන්ගේ හැසිරීම්වල පවා වෙනස්කම් දක්නට ලැබේ.

මෑත කාලීනව, 2024 වසරේ අමෙරිකාව සහ මෙක්සිකෝවටත්, 2021 වසරේදී ඇන්ටාක්ටිකාවටත්, 2019 වසරේදී චීලි රාජ්‍යයටත් පූර්ණ සූර්යග්‍රහණ දර්ශනය විය.