header logo
Vallibel FD
Selan Bank
උණුසුම් පුවත්
බන්ධනාගාරවල ගැටුම් ඇතිවන්නේ ඇයි?
Aug 08, 202608:59 PM
බන්ධනාගාරවල ගැටුම් ඇතිවන්නේ ඇයි?
Mobitel 1278

ජීවිත හානි සිදුකරමින්, කෝටි ගණනක් වටිනා පොදු දේපළ විනාශ කරමින් මෙරට බන්ධනාගාර ආශ්‍රිතව මතුව ඇති ගැටලුකාරි තත්ත්වයන් මේවන විට රටේම අවධානයට ලක්ව තිබේ.

බන්ධනාගාර ආශ්‍රිත එවන් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු කවරේදැයි අද දෙරණ විශේෂ සොයාබැලීමක් සිදු කරන ලදී.

"රජකාලේ දඬුවම්" යන ක්‍රමවේදයෙන් බැහැරව මෙරටට විධිමත් අධිකරණ ක්‍රියාවලියක් මෙන්ම ඒ ඔස්සේ නිසි බන්ධනාගාර පද්ධතියක් නිර්මාණය වන්නේ රෝම ලන්දේසි නීතිය යටතේය.

එය හුදු දඬුවමට එහා ගොස්, මානව හිමිකම් ආදී සංකල්ප මත "සිරකරුවන් පුනරුත්ථාපනය" යන ක්‍රමවේදයට ද යොමුවීමකි.

එවැනි සංකල්පයක් පැවතියත් මෙරට බන්ධනාගාර තුළ කාලයෙන් කාලයට ඇතිවන ගැටුම් ඉතිහාසයට කළු පැල්ලම් එක් කළේය.

2012 වැලිකඩ බන්ධනාගාර ගැටුම, 2020 මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව හුදු සිරකරු ගැටුම් ම නොව මෙරට බන්ධනාගාර පද්ධතියේ ගැටලු පිළිබඳ රතු එළි ලෙස හඳුනාගත හැකිය.

ඒවාට ඇලවූ පැලැස්තර විසඳුම් නිසා ඉතිරි වී තිබූ අළු යට ගිනි යළි ඇවිළෙන්නේ ඉකුත් ජූලි මස මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවෙනි.

පසුව එය මහර, මැගසින්, කුරුවිට මෙන්ම තරුණ රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ අභිලාෂයෙන්ම ඇරඹි පල්ලන්සේනටත් ව්‍යාප්ත විය.

ජීවිත අහිමිවීම්, කෝටි ගණනක් වටිනා බන්ධනාගාර දේපළ විනාශවීම් දිගින් දිගටම පෙන්වූයේ පවතින ක්‍රමය තුළ මොනයම්ම හෝ ගැටලුවක් ඇතැයි යන ප්‍රශ්නාර්ථයකි.

2012 වැලිකඩ බන්ධනාගාර ගැටුම සහ 2020 මහර බන්ධනාගාරයේ ගැටුමට හේතු සෙවීමට රජය පත්කළ කොමිෂන් සභා ලබාදුන් වාර්තාවල පැහැදිලිව සඳහන් වුණේ බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදය මෙවන් ගැටලු රැසකට පදනම සපයන බවය.

එය බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය සංසරණය වැනි ගැටලු මැද ඇති තවත් දරුණු අර්බුදයක් බව පෙන්වාදිය හැකිය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව, දිවයින පුරා බන්ධනාගාර 36ක රැඳවිය හැකි උපරිම රැඳවියන් ගණන 10,500කි.

නමුත් 2026 වසරේ අගෝස්තු 01 වැනිදා වන විට බන්ධනාගාර තුළ 39,400 කට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් සිටීමෙන් එම තදබදය මනාව තහවුරු වේ.

එනම් මෙරට බන්ධගානාගාර තුළ වර්තමානයේ රඳවා සිටින රැඳවියන් ප්‍රමාණය එහි ධාරිතාවට වඩා තුන්ගුණයකටත් අධිකය.

මීගමුව බන්ධගාරයේ ධාරිතාව රැඳවියන් 820ක් වුවත් ජුලි මාසයේ ගැටුම ඇතිවන අවස්ථාවේදී එහි රැඳවියන් 2418 කට ආසන්න පිරිසක් රඳවා තබා තිබුණි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් 1200කට පමණක් පහසුකම් ඇතත් එහි වර්තමානයේ සිටින රැඳවියන් ප්‍රමාණය 4078කට ආසන්නය.

පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් 1000ක් පමණක් රඳවා තැබිය හැකි නමුත් එහි වර්තමානයේ සිටින රැඳවියන් 2000කට ආසන්න පිරිසක් සිටිති.

මෙවැනි අධික තදබදයක් තුළ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම සාර්ථක කටයුත්තක් ද?

ලොව හොඳම බන්ධනාගාර පද්ධතියක් ඇතැයි දැක්වෙන්නේ නෝර්වේ රාජ්‍යයේය.

දඬුවම පමණක් නොව වරදකරුවන් පුනරුත්ථාපනය කිරීම, සමාජානුයෝජනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම මුල් කරගත් ක්‍රියාවලියකින් එරට බන්ධනාගාර ක්‍රමය සමන්විතය.

මෙම ක්‍රමය හේතුවෙන් එරට යමෙක් දෙවරක් බන්ධනාගාරගත වීමේ සම්භාවිතාව 20%ටත් අඩු අගයක් බවයි සමීක්ෂණ වාර්තා පවසයි.

ස්වීඩනය ද එවන් ක්‍රමවේදයක් පවතින රටකි.

මෙවැනි සෑම සාර්ථක බන්ධනාගාර ක්‍රමයකම පවතින මූලික ලක්ෂණයක් වන්නේ බන්ධනාගාරයකට දැරිය හැකි ප්‍රමාණයට පමණක් සිරකරුවන් ඊට ඇතුළත් කිරීමය.

මෙම සෑම ක්‍රමයක්ම ශ්‍රී ලංකාවට 100% ආදේශ කරගත නොහැකි වුවත් ගැටුම් අවම පද්ධතියක් සඳහා මෙරට බන්ධනාගාර ක්‍රමය කඩිනමින් වෙනස් විය යුතු බව නොරහසකි.

කමිටු වාර්තා, වාර්තාවකට පමණක් සීමා නොවී බන්ධනාගාරය අපරාධකරුවන් තනන ස්ථානයක් නොකර වැරදි හදන ස්ථානයක් වන්නේ නම් අදට වඩා හෙට සමාජය සුබදායක වනු ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

දෑතින්ම අල්ලා සෙනෙහසින් තැබූ මුල්ගල..

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

එයාර් බස් ගනුදෙනු නඩුවට කොටුවට ආපු නාමල් යළි වැලිකඩට.. | Ada Derana

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

හරස් ප්‍රශ්නවලට දිගට හරහට උත්තර දුන්න ජොනී“ඇමතිතුමා...ඇමති නෙමෙයි ආණ්ඩුවේ කියලා හිතුවද?

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

ෆයිල් අරන් FCIDයට ආ තිසකුට්ටි...

 උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

උසාවියට ඇවිත් ගියපු ඥානසාර හිමි | “අපි නීතියට හිස නමනවා...” | Ada Derana

 දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

දිට්වා එකෙන් පස්සේ මතුවූ අලුත්ම අවදානම..

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

එල් නිනෝ ගැන කාලගුණයෙන් අනතුරු අඟවයි "වෙන්න තියෙන දරුණුම පැත්ත හිතලා අපි සූදානම් වෙන්න ඕනේ"

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ඔළුගලගේ පණිවිඩකරුට ෂොට්එක දෙන්න ගිය මධුවා දැලේ...

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

ත්‍රිරෝද රථයක පැත්තක් ගැලවුණු වස්කඩුවේ අනතුර

 කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

කියන දේ නාහන නුවරඑළියේ පෝනියෝ... පැන්න පාර ගහපු බ්‍රේක් එක කැමරාවේ

 කළු ඇඳගෙන සටනට එන FUTA.."

කළු ඇඳගෙන සටනට එන FUTA.."

 පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

පළාත් සභා ඡන්දය ගැන හිටපු මැකො සැරට අමතයි..

 කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

කොළඹට මහ වැසි ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

 බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

බණ්ඩාරගමට ගතවූ පැය 24 තුළ මි.මී 200ක වැස්සක් ගංගාවල ජල මට්ටම් ඉහළයෑම ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

ලොවක් දිනූ රත්තරං පුතා - රුමේෂ්ගේ දෙමාපියන් ගුවන්තොට් දී සංවේදී වෙයි | Ada Derana

Lassana Flora
Spotlight
පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

රජයේ මිලට දෙන්න බෑ: පාඩුයි - සමාගම් 3ක් තෙල් සැපයුම සීමාකරයි

 දවසේ කාටූන් විස්තරේ...

දවසේ කාටූන් විස්තරේ...

 කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

කිලෝ 471 ක අයිස් තොගය හොරෙන් පන්නන්න හැදුවාද?

 සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

සිම්කාඩ් ලක්ෂ 3ක අනන්‍යතාව තහවුරු කර නැහැ

 අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

අගෝස්තුවේ මිලියන 103ක් ෂෝෂල් මීඩියා ගිහින්

 22 ගැන තීන්දුව 22දා මැතිසබයට

22 ගැන තීන්දුව 22දා මැතිසබයට

 2000 කුලියට 111ක් මාදිවෙල

2000 කුලියට 111ක් මාදිවෙල