ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට තායිලන්තයේ අවධානය

ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට තායිලන්තයේ අවධානය

August 8, 2026   07:05 am

තායිලන්තයේ ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනය කිරීමට එරට රජයේ අවධානය යොමු වී තිබේ.

පාසල් සිසුවෙකු විසින් පුද්ගලයින් 8දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුව අදාළ නීති සංශෝධනය කිරීම කෙරෙහි එරට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව පොදු ස්ථානවලට ගිනිඅවි රැගෙන යාම තහනම් කිරීමටත් රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පමණක් ආයුධ භාවිත කිරීමට හැකි වන ලෙස එම නීති සංශෝධනය කිරීමටත් නියමිත බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

බැංකොක්හි පාසැලක ඊයේ (07) සිදු වූ වෙඩි තැබීමකින් පාසල් ගුරුවරුන් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30දෙනෙකු පමණ තුවාල ලබා තිබුණි.

එම පාසලේම 14 හැවිරිදි සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

තායිලන්ත පොලිසිය සදහන් කළේ වෙඩි තැබීමෙන් පසු ඔහු ද එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවය. 

සිය මිත්තනිය සහ සීයා සමග වාසය කර ඇති මෙම සිසුවා පාසලට යාමට පෙර ඔවුන් දෙදෙනා ද වෙඩි තබා ඝාතනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.