චීනය චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක සිතියමේ නව අනුවාදයක් එළි දක්වයි
August 7, 2026 01:31 pm
චීනය විසින් චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක සිතියමේ නව අනුවාදයක් එළි දැක්වීමට සමත්ව තිබේ.
චන්ද්‍රයාගේ 1:5,000,000 පරිමාණයෙන් යුත් භූ විද්‍යාත්මක සිතියමක් සකස් කිරීමට ඒ අනුව චීන විද්‍යා පර්යේෂණ කණ්ඩායමක් සමත්ව ඇත.
එය දිගින් සෙන්ටිමීටර 280ක් වන අතර සෙන්ටිමීටර 120ක පමණ උසකින් ද යුක්ත වේ.
චන්ද්‍රයාගේ උතුරු සහ දකුණු ධ්රැවයන්හි අර්ධ වශයෙන් සැකසූ භූ විද්‍යාත්මක සිතියම් ද මීට ඇතුළත්ව තිබේ.
චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාට 13,000කට වැඩි ප්‍රමාණයක් සහ ද්‍රෝණි 81ක් ද මෙහි ඉතා නිවැරදි ලෙස සලකුණු කර ඇත.
තවද ඒවා භූ විද්‍යාත්මක ව්‍යුහයන් 14කට සහ පාෂාණ වර්ග 17කට වර්ගීකරණය කර තිබීම ද විශේෂත්වයකි.
මෙම සිතියමේ නව අනුවාදය මගින් චීනයට චන්ද්‍ර ගවේෂණය සඳහා තීරණාත්මක විද්‍යාත්මක සහායක් ලබා දෙන බවත්, සෞරග්‍රහ මණ්ඩලයේ පරිණාමය පිළිබඳ මානව ගවේෂණයට අනුබලයක් ලබා දෙන බවත් චීන භූ විද්‍යා ඇකඩමියේ, භූ විද්‍යා ආයතන අධ්යක්ෂ Yang Zhiming මහතා සඳහන් කර තිබේ.
