පල්ලන්සේන තත්ත්වය පාලනයට කඳුළු ගෑස්

පල්ලන්සේන තත්ත්වය පාලනයට කඳුළු ගෑස්

August 7, 2026   01:00 pm

මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එමෙන්ම මේ වන විට රැඳවියන් විසින් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බවද අද දෙරණ වාර්තාකරු පැවසීය.

පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ අද (07) පෙරවරුවේ නොසන්සුන්තාවයක් හටගනු ලැබීය.

එහිදී එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය සහ ගුවන් හමුදාව ඇතුළු  ආරක්ෂක අංශ උත්සාහ ගත්තේය.

එහිදී රැඳවියන් උදෑසන පළමුව වහලය මතට නැග විරෝධතාව ආරම්භ කළ අතර පසුව ඔවුන්  බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව දක්වාම පැමිණ තිබුණි.

මේ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කිරීමටද පියවර ගනු ලැබීය.

පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් මෙම බන්ධනාගාරය වෙත මාරු කිරීමටද පියවර ගැනුණි.