මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු වෙයි - ධීවර කටයුතුවලින් වළකින්නැයි හදිසි දැනුම්දීමක්

මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු වෙයි - ධීවර කටයුතුවලින් වළකින්නැයි හදිසි දැනුම්දීමක්

August 6, 2026   06:18 pm

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා නුසුදුසු බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී ති‌බේ.

මෙම දැනුම්දීම නිකුත් කර ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (06) නිකුත් කළ තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුවය.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සඳහා පිටත්ව යාමෙන් වළකින ලෙස සියලුම ධීවර කාර්මිකයන්ට දැඩි ලෙස අවවාද කර තිබේ.

එමෙන්ම, සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්වන යාත්‍රා ද මාතර සිට පොතුවිල් දක්වා නම් කර ඇති අවදානම් මුහුදු කලාපයට ඇතුළු වීමෙන් හෝ එහි ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස විශේෂ දැනුම්දීමක් නිකුත් කර ඇත.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ ඉදිරි නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂක උපදෙස් පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.