අකුණු සැරවැදී පාපන්දු ක්රීඩකයෙකු පිටියේදීම මරුට
August 6, 2026 05:17 pm
දකුණුදිග තායිලන්තයේ නරාතිවත් පළාතේ පාපන්දු ක්රීඩාංගනයකට පතිතවූ අකුණු පහරකට ලක්වීමෙන් එරට පාපන්දු ක්රීඩකයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 24 වියැති සෆ්වාන් අවායි නමැති ක්රීඩකයෙක් ය.
ඔහු සමඟ පිටියේ ක්රීඩාවෙහි නිරතව සිටි තවත් ක්රීඩකයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙලෙස තුවාල ලැබූවන් අතරට මැලේසියානු ක්රීඩකයෙක් ද ඇතුළත් වන බව සඳහන් වෙයි .
