header logo
SLIC
උණුසුම් පුවත්
නීතිවිරෝධී ලෙස ඇල්ලූ මෝර මසුන් සහ මෝර වරල් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
Aug 06, 202602:55 PM
නීතිවිරෝධී ලෙස ඇල්ලූ මෝර මසුන් සහ මෝර වරල් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට
EDEX

නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් සහ මෝර වරල් තොගයක් සමග ධීවරයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05) දහවල් සුදුවැල්ල ධීවර වරාය පරිශ්‍රයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙහිදී නීති විරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් සහ මෝර වරල් කිලෝග්‍රෑම් 223.94ක තොගයක් සොයාගෙන තිබේ.

ඒ අනුව අදාළ මත්ස්‍ය තොගය මෙරට බහුදින ධීවර යාත්‍රාවකින් ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව, එම ධීවර යාත්‍රාව ද සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, ධීවර යාත්‍රාව සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා සුදුවැල්ල ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇත.

වර්ෂ 2015 ඔක්තොබර් මස 26 වන දිනැති අංක 1938/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ විධිවිධාන උල්ලංඝනය කරමින් මෙම මත්ස්‍ය දඩයම සිදුකිරීම හේතුවෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight