header logo
SLIC
උණුසුම් පුවත්
පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
Aug 06, 202601:22 PM
පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්
EDEX

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරයේ නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා හෙට (07) දිනයෙන් අවසන් වේ.

මුස්ලිම් පාසල් සඳහා සැප්තැම්බර් මස 2 වන දින අවසන් වේ.

සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් මස 7 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත අතර, දෙසැම්බර් 4 වන දින තෙවන පාසල් වාරය අවසන් වේ.

2026 - අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මස 10 සිට සැප්තැම්බර් මස 05 දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight