header logo
SLIC
ක්‍රීඩා
ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම යළි තරග බිමට
Aug 06, 202610:27 AM
ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම යළි තරග බිමට
EDEX

ඇෆ්ගනිස්තානයේදී පාපන්දු ක්‍රීඩාව තහනම් කර ඇති පසුබිමක් තුළ, විදෙස් රටවල සරණාගතයන් ලෙස ජීවත් වන ඇෆ්ගනිස්තාන කාන්තා පාපන්දු කණ්ඩායම වසර ගණනාවකට පසු නවසීලන්තයේදී යළි එකතු වී තිබේ.

විදෙස් රටවල ජීවත් වන ඇෆ්ගනිස්තාන ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ක්‍රීඩිකාවන් 23 දෙනෙකුගෙන් යුත් සංචිතය, පුහුණු කඳවුරක් සඳහා සහ කුක් දූපත් (Cook Islands) සමඟ නිල නොවන මිත්‍රත්ව තරග දෙකකට සහභාගී වීම සඳහා නවසීලන්තය වෙත ගොස් ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් මෙම ක්‍රීඩිකාවන්ට අනාගතයේදී නිල තරගවලදී තම රට නියෝජනය කිරීමට අවසර ලබා දීමෙන් පසු ඔවුන් මෙලෙස එකතු වූ පළමු අවස්ථාව මෙය බව සඳහන්වේ.

මීට පෙර, තලේබාන් සංවිධානය 2021 අගෝස්තු මාසයේදී බලයට පත්වීමෙන් පසු කාන්තාවන්ට සහ දැරියන්ට ද්විතීයික පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, බොහෝ වෘත්තීන් සහ සංවිධානාත්මක ක්‍රීඩා තහනම් කරමින් දැඩි සීමා පැනවීය.

ඒ යටතේ 2007 දී පිහිටුවන ලද රටේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, එහි සාමාජිකාවෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ පෘතුගාලය වැනි රටවලට පලා ගොස් සරණාගතයන් ලෙස පදිංචි වූහ.

වසර ගණනාවක උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස සරණාගත කණ්ඩායමක් ලෙස "Afghan Women United" බිහි වූ අතර, FIFA හි නව තීරණයට අනුව ඔවුන් දැන් ඔලිම්පික් සහ ලෝක කුසලාන වැනි ජාත්‍යන්තර තරගාවලි සඳහා සුදුසුකම් ලැබීමට උත්සාහ කරමින් සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight