header logo
SLIC
උණුසුම් පුවත්
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
Aug 06, 202609:46 AM
දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
EDEX

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය 2026 අගෝස්තු 06 වන දින පෙ.ව. 9.00 සිට 2026 අගෝස්තු 07 දින පෙ.ව. 9.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා බලපැවැත්වේ.

පහත දැක්වෙන ප්‍රදේශවලට මට්ටම 2 (අවදානයෙන් සිටින්න) යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.

මහනුවර දිස්ත්‍රික්කය- උඩපලාත, දොලුව, මැදදුම්බර, දෙල්තොට, පන්විල, පස්බාගේ කෝරලේ, ගඟ ඉහළ කෝරලේ සහ උඩුදුම්බර.

කෑගල්ල දිස්ත්‍රික්කය- අරණායක, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට සහ යටියන්තොට.

නුවරඑළිය දිස්ත්‍රික්කය- නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, අඹගමුව, නෝර්වුඩ් සහ තලවකැලේ.

රත්නපුර දිස්ත්‍රික්කය-ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර.

එමෙන්ම පහත ප්‍රදේශ සඳහා මට්ටම 1 (විමසිලිමත් වන්න) යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කය - කෑගල්ල.

රත්නපුර දිස්ත්‍රික්කය- නිවිතිගල සහ කුරුවිට.

අඛණ්ඩව වර්ෂාව පවතින ප්‍රදේශවල නායයාම්, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන් හඳුනාගත හැකි පස් කඳුවල ඉරිතැලීම්, ජලය එකතු වීම, ගස් නැඹුරු වීම හෝ හඬ නඟා පස් කඩාවැටීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානම් වන ලෙසත් අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight