ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂ නායක අතර හමුවක්
August 5, 2026 11:06 pm
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (05) කොළඹදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී කලාපීය වර්ධනයන් මෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමුවිය.
කලාපීය ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ අන්‍යෝන්‍ය අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩ සම්බන්ධතාවයේ සහ සමීප සහයෝගීතාවයේ ඇති වැදගත්කම දෙපාර්ශ්වය විසින්ම මෙහිදී තහවුරු කරන ලදී.
මීට අමතරව ද්වීපාර්ශ්වික වෙළෙඳ සබඳතා සහ ආයෝජන අවස්ථා වර්ධනය කිරීම, තාක්ෂණික හුවමාරුව සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහයෝගය ලබාගැනීම, දෙරටේ ජනතාව අතර පවතින සංස්කෘතික හා සමාජීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
