ඉන්දීය විදේශ ලේකම් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
August 5, 2026 08:17 pm
ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා ඇතුළු දූත පිරිස අද (05) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ අතර, දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය ඉන්දීය දූත පිරිස දැනුවත් කළාය.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර උසස් අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් පුළුල් කිරීම, ඒකාබද්ධ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සහ අධ්‍යයන සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.
දෙරට අතර වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරුණු අතර, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම සහ දෙරටේ ජනතාව අතර සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් ප්‍රසන්න ශ්‍රීවාස්තව, නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රෙයි කුල්කර්ණි ඇතුළු ඉන්දීය දූත පිරිස සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
