header logo
SLIC
උණුසුම් පුවත්
පුත්තලම සිට හම්බන්තොට දක්වා පමණක් ධීවර කටයුතු යළි ඇරඹීමට අවසර
Aug 05, 202602:28 PM
පුත්තලම සිට හම්බන්තොට දක්වා පමණක් ධීවර කටයුතු යළි ඇරඹීමට අවසර
EDEX

පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලමේ සිට හම්බන්තොට දක්වා ධීවර කටයුතු යළි ඇරඹීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අවසර ලබා දී තිබේ.

නමුත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු තීරය තවදුරටත් අවදානම් මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ මුහුදු ප්‍රදේශවල පැවති දැඩි සුළං තත්ත්වය මේ වන විට යම් තරමකට සමනය වී ඇත.

ඒ අනුව, අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදුකිරීම සඳහා යෝග්‍ය බව ධීවර දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

කෙසේ වුවද, හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා තවදුරටත් නුසුදුසු මට්ටමක පවතින බැවින්, නැවත දැනුම්දෙන තුරු එම ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත් යාමෙන් වළකින ලෙස ධීවර කාර්මිකයන්ට මෙයින් දැනුම්දෙනු ලබයි.

නිරිතදිග මෝසම් බලපෑම හේතුවෙන් දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඕනෑම මොහොතක යළි ඉහළ යා හැකි බැවින්, රැකියාවේ නිරත වන සියලුම ධීවරයින් අනිවාර්යයෙන්ම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ උපදෙස් නිසිපරිදි පිළිපදින ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight