මහවැලි ගඟ ආශ්රිත පහත් බිම්වල සිටින ජනතාවට දැනුම්දීමක්
August 5, 2026 02:11 pm
මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එසේම එම ප්‍රදේශ වල මහවැලි ගඟට ආසන්නව පහත් බිම් ආශ්‍රිතව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි වීම සිල්ලෙන් පසුවන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.
මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශ වලට ඉදිරියේදී තවත් වර්ෂාපතනය ලැබිය හැකි බවට වන පුරෝකථන හා කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කර ඇති බැවින් මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටි නුවර, දොලුව, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය සහ හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශ වලට විශේෂයෙන් මෙම දැනුම්වත් කිරීමේ සිදුකර ඇත.
මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමණා කරන අංශ වලටද දැනුම්දී ඇති බව සඳහන්වේ.
ඉදිරියේදී තවදුරටත් වැසි ලැබීම අපේක්ෂා කරන බැවින් මේ පිළිබඳවා ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
