header logo
SLIC
උණුසුම් පුවත්
හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට
Aug 05, 202602:01 PM
හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට
EDEX

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 4ක් බඳවාගෙන ඔවුන්, පුද්ගලික වැඩවලට යොදාගැනීමේ චෝදනාවකට අදාළව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (5) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද උදෑසන එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට පත්විය.

ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක (විමධ්‍යගත පරිපාලන) ලෙස කටයුතු කරමින්, තම කාර්යය මණ්ඩලය සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 04 දෙනෙකුගෙන් තිදෙනෙකු තමාට අයත් ඉන්ධනහලක සේවයේ යොදවා ඇති බව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම අනෙක් සේවකයාද තනතුරට අදාළ වෙන්කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා නොමැති බව සඳහන්ය.

ඒ අනුව අදාළ සේවකයන් වෙත රජයෙන් රු. 2,768,836.14ක වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දුෂණය නැමැති වරද සිදුකිරීම යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

https://youtu.be/9O0KOl6WTEI
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight