header logo
SLIC
උණුසුම් පුවත්
මික්ස් රයිස් එකෙන් කළුතරට රැගෙන ආ හෙරොයින් මඟදිම පොලීසියට මාට්ටු
Aug 05, 202601:18 PM
මික්ස් රයිස් එකෙන් කළුතරට රැගෙන ආ හෙරොයින් මඟදිම පොලීසියට මාට්ටු
EDEX

කළුතර බන්ධනාගාරයට මත්කුඩු ගෙනගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව අඟුරුවාතොට පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුය.

මිල්ලනිය බටගොඩ මාර්ගයේ දී පොලිස් නිලධාරීන් මාර්ග බාධකයක් දමා රථවාහන පරීක්ෂා කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරගත කර සිටින තම සහෝදරයා බැලීම සඳහා යමින් සිටි සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී සොයා ගෙන තිබුණි.

ඔවුන්ගේ සැකකටයුතු හැසිරීම හේතුවෙන් යතුරුපැදිය නවතා පරීක්ෂා කර ඇති අතර, එහිදී බත් පැකට් දෙකක මික්ස් රයිස්වලට චිලිපේස්ට් දමා තිබූ කුඩා පොලිතීන් කවරයක සඟවා තිබූ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 12,400ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

මේ අතර, සැකකරුවන් පැමිණි යතුරුපැදිය සහ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන්ට මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කිහිපයක් පවතින බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight