header logo
SLIC
උණුසුම් පුවත්
කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක
Aug 05, 202601:06 PM
කාලගුණ - ආපදා - විභාග විශේෂ සාකච්ඡාවක
EDEX

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (05) පැවැත්වුණි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව‍, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තම්න්තුවේ නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වුවහොත් විභාග කටයුතු අඛණ්ඩව සිදුකිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමුව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, හෙට (06) අනිද්දා සහ 8 වැනිදා වැසි සහිත කාලගුණයක් ඇති වුවහොත් විභාග කටයුතු සම්බන්ධයෙන් ඇති වෙන බලපෑම් සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරියේ විශේෂිත කුටියක් ආරම්භ කිරීමට නියමිත බවය.

මේ අතර, ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ඒ වෙනුවෙන් බෝට්ටු සහ ආපදා කණ්ඩායම් සීරුවෙන් සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

ගිය වසරේ ද උසස් පෙළ පැවති නොවැම්බර් මාසයේ දී ද ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් අපහසුතාවට පත් උසස් පෙළ සිසුන්ව විභාග මධ්‍යස්ථානවලට ගෙනයාමට අවශ්‍ය බෝට්ටු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් යොදවා තිබුණි.

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන අතර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා පැවැත්වීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight