header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
ක්‍රීඩා
ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට
Aug 05, 202612:01 PM
ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට
Mobitel 1278

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.

හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්දෞතම් සම හිමිකරුවන් වන ස්ටොක්හෝම් පදනම් කරගත් Anchor Sports AB සමාගම එම කණ්ඩායම අත්පත් කරගෙන ඇති අතර, ඉදිරියේදී කණ්ඩායම "Anchor Jaffna Kings" ලෙස නම් කිරීමට නියමිතය.

පසුගිය ජූලි 23 වැනිදා පෙර හිමිකාරීත්වය අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් සහ LPL හිමිකම් දරන Innovation Production Group යටතේ කණ්ඩායම තාවකාලික පරිපාලනයට ගෙන තිබූ අතර, මෙම ගනුදෙනුවත් සමඟ එය නැවත ස්ථාවර හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ.

Anchor Sports AB සමාගම මේ වනවිට බෙල්ජියමේ European T20 Premier League තරගාවලියේ Antwerp Anchors සහ කැනඩාවේ Super60 ලීගයේ Vancouver Anchors පිරිමි හා කාන්තා කණ්ඩායම්ද හිමිකරගෙන සිටින අතර, ජැෆ්නා කණ්ඩායමද එම ජාත්‍යන්තර ක්‍රීඩා ජාලයට එක්වනු ඇත.

ජැෆ්නා කණ්ඩායමේ පෙර හිමිකාරීත්වය දැරූ Sports Commune සමාගමේ සම හිමිකරුවෙකු වූ හිටපු ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩක මංජෝත් කල්රා තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව එම හිමිකාරීත්වය අවසන් කෙරිණි. එම සමාගමේ අනෙක් සම හිමිකරු මයංක් ගෝයල්ගේ ස්ථානයද මේ වනවිට අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

පිටියෙන් පිටත අර්බුද මධ්‍යයේ වුවද ජැෆ්නා කණ්ඩායම LPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම ලෙස ශූරතා පහෙන් හතරක්ම දිනාගෙන ඇති අතර, මෙවර තරගාවලියේද මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබේ.

නාගේන්ද්‍ර සිද්දෞතම් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්ප්‍රදායට ගරු කරන බවත්, ජැෆ්නා කණ්ඩායමට ආයෝජනය කරමින් LPL තරගාවලියේ ඉදිරි සංවර්ධනයට දායක වීමට බලාපොරොත්තු වන බවත්ය.

සහීර් ඛාන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ බිහිවන වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා තමා සැමවිටම අගය කළ බවත්, හිමිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්ය.

මේ අතර, LPL තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල සඳහන් කළේ සහීර් ඛාන් වැනි අත්දැකීම් සපිරි පුද්ගලයෙකුගේ සම්බන්ධත්වය ලීගයට විශාල ශක්තියක් වන අතර, ඔහුගේ මඟපෙන්වීම ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩකයන්ගේ දියුණුවට වැදගත් වනු ඇති බවයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

 සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

සුනඛයින් ගැන යෝජිත පනත් කෙටුම්පතේ GMOA දැකපු ගැටලු.."මේක නිසා මානව ජලභීතිකාව පැතිරෙන්න පුළුවන්"

 අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

අවි අමෝරාගත් ආරක්ෂකයින්ට මැදිව ශිරාන් බාසික් උසාවි රැගෙන ආ අයුරු.

 ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

ඇමති ලාල්ට මතක්වුණ ජස්මින්"කාවද මතක් වෙන්නේ ගෑණු ළමයෙක්ද?"

 බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

බදු බරට එරෙහිව ජන අරගල ව්‍යාපාරය හෙට මහ පාරට

 "පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

"පුනරුදය, ලස්සන ජීවිතයක් පේන තෙක්මානෙක නෑ''

 ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

ගමට වධයක් වුණු හොරා.."හොරකම් කරනවා...ඇප ගන්නවා..ගමට එනවා..

 "සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

"සෙක්කුව ළඟ චොක්ලට් කෑවත්..බලන අය හිතන්නේ පුන්නක්කු කනවා කියලා"අල්ලස් එකෙන් එළියට බැස්ස බන්දුල..

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

වෘත්තීය සමිති කිහිපයකින් රජයට චෝදනා

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

සර්පයින් ගැන ලොව පළමු ජාත්‍යන්තර සමුළුව මෙරටදී...

 බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

බලන දුර්ගය පසුකරමින් දස මසකට පසු පේරාදෙණියට ආ පොඩි මැණිකේ... | රතිඤ්ඤා දාලා පිළිගත් හැටි

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

අප්‍රේල් 16 වැනිදා වැරදුණ ඉලක්කය ඔක්. 01 වැනිදා සපුරාගත් හැටි..

 පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පොත් ප්‍රදර්ශනයට හදිසියේම ගිය අගමැතිනිය ජනතාව අතරට ගොස් පොත් තෝරපු හැටි...

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

පුංචි ළමයි වට කරගෙන ඕලුගල ළමා දිනය සැමරූ හැටි - සෙව්වන්දි කියලා කෙනෙක් එතනත් ඉඳලා..

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

නිවැරදි සිසු දරුවන්ට කුඩු නඩු දාන්න හදලා - ඇහැළියගොඩ ක්‍රයිම් OIC සහ සැරයන්ගේ වැඩතහනම්

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ෆේස්බුකියෙන් දරු සුරතල් අනතුරුදායකයි

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ලලිත් - කූගන් නඩුව ලබන 27ට කල්යයි"මා කිසිදු අයුතු කටයුත්තකට උපදෙස් දී නෑ"

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඔස්ට්‍රේලියාවේ සමාගම් නඩුව :ගම්මන්පිල නිදොස් කොට නිදහස්