දුම්රිය මඟේ තිබූ මළ සිරුරක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
August 5, 2026 07:48 am
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව වාර්තා වෙයි.
ඒ, ගම්පහ සහ දාරළුව අතර දුම්රිය මාර්ගයේ ගම්පහ දුම්රිය ස්ථානයට ආසන්නයේ පුද්ගල මළසිරුරක් තිබීම හේතුවෙනි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, නිලධාරීන් එම ස්ථානයට පැමිණ මළසිරුර ඉවත් කරන තෙක් දුම්රිය ධාවනය ප්‍රමාදයන් සහිතව සිදුවනු ඇති බව වාර්තා වෙයි.
