රත්මලානේ නිවසකට අත්බෝම්බ ප්රහාරයක්
August 5, 2026 07:41 am
රත්මලාන ශ්රී ඥානේන්ද්ර මාර්ගයේ නිවසකට අත්බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබේ.
පොලීසිය පැවසුවේ අත්බෝම්බ දෙකක් මෙහිදී එල්ල කර ඇති අතර ඉන් එකක් පුපුරා ගොස් ඇති බවය.
කෙසේවෙතත් පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කළේය.
අත්බෝම්බ ප්රහාරය එල්ල කරන ලද බවට සැක පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලා යන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.
