රු. කෝටි 5ක හෑෂ් සමග මිනුවන්ගොඩදී පුද්ගලයෙකු අත්අඩංගුවට
August 5, 2026 07:23 am
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ දොලහක් 12 සමග පුද්ගලයකු මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මතය.
මෙම වැටලීම සිදුකර ඇත්තේ විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.
සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සිදුකළ පරීක්ෂාවේදී ඔහු සතුව තිබී හෑෂ් කිලෝග්‍රෑම් හයක් සොයාගත් තිබේ.
අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ නිවසේ තිබී තවත් හෑෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයාගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
ඉදිරි නීතමය කටයුතු සඳහා සැකකරු මිනුවන්ගොඩ පොලිසියට බාර දී තිබේ.
