ඉතියෝපියාවේ නායයෑමකින් 14ක් මරුට
August 4, 2026 06:17 pm
ඉතියෝපියාවේ අම්හාරා ප්‍රදේශයේ ආරාමයක් අසල ඇති වූ නායයෑමකින් පුද්ගලයන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මෘත දේහයන් ගොඩගැනීම සඳහා සහන කණ්ඩායම් මේ වන විට කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය ඉතියෝපියාවේ ප්‍රධාන වැසි සමය වන බවත් දැඩි වර්ෂාවත් සමඟ මෙම නායයෑම සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
