නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටුව විවෘත කෙරේ 

නුවරඑළිය ග්‍රෙගරි වැවේ වාන් දොරටුව විවෘත කෙරේ 

August 4, 2026   04:53 pm

නුවරඑළිය ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ ග්‍රෙගරිවැවේ ජල මට්ටම සීඝ්‍රයන් ඉහළ යාම හේතුවෙන් ග්‍රෙගරිවැවේ වාන් දොරටුව අද (04) පස්වරුවේ විවෘත කල බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණය සහ ඝන මීදුම හේතුවෙන්, නුවරඑළියේ ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම නුවරඑළිය මහ නගර සභාව විසින් ආරක්ෂක හේතුන් මත තාවකාලිකව තහනම් කර ඇත. 

මේ අතර නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගය, නුවරඑළිය-හැටන් ප්‍රධාන මාර්ගය සහ නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගය, ටොප්පස් සිට ලබුකැලේ ප්‍රදේශය දක්වා ඝණ මීදුම තත්වයක් පවතින බැවින්, එම මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ප්‍රවේශමෙන් රිය ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.